කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

June 4, 2021 at 8:53 AM

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට බාධා එල්ලවී ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ඇතිවී තිබෙන තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.