අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන හඳුනාගැනීම වෙනුවෙන් පොලීසිය හඳුන්වාදුන් ස්ටිකර් ක්‍රමය අද (03) දිනයේත් ක්‍රියාත්මකය.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අද දිනයේ එම ස්ටිකර් ක්‍රමය වෙනත් වර්ණයකින් ක්‍රියාත්මක බැවින් ඊයේ දිනයේ ලබාදුන් ස්ටිකර්වලින් අද දිනයේ ගමන් කළ නොහැකි බවය.
දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් ස්ථාන 52ක දී කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන වාහන පරීක්ෂා කරමින් ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙල අදත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.