අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් තම බිරිය පැහැරගෙන ගිය බවට චෝදනා කරමින් ගම්පහ ආසන්නයේ පොලිස් ස්ථානාධිපතිවරයෙක් කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවට ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා.
එම පොලිස් ස්ථානාධිපතිවරයා කළ පැමිණිල්ලට අනුව සහකාර පොලිස් අධිකාරීවරයා තම බිරියව රැගෙන රාත්‍රී 9.45ට ආසන්නව නුවර පාරේ මෝටර් රථයක ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් පසුපස හඹා ගිය විටි සහකාර පොලිස් අධිකාරීවරයා තම බිරිය රැගෙන නුවර පාරේ දළුගම කැලණිය ප්‍රදේශයේ ඇති ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළු වූ බව සඳහන් කර ඇත.
මෙම අවස්ථාවේ අදාල පොලිස් ස්ථානාධිපතිවරයා ද එම ව්‍යාපාරිකයගේ නිවස ඇතුළටම ගොස් ඇති අතර එහිදී සහකාර පොලිස් අධිකාරීවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරියෙක් කීවේ.
මෙම පැමිණිල්ල පිළිබඳව පොලිසියේ උසස් නිලධාරීන්ට මේ වනවිටත් දැනුම් දී ඇති බවත් කිරිබත්ගොඩ පොලිසිය සඳහන් කර සිටිනවා.