දේශීය නාවික නීති සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබාගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා පවසනවා.
සාගරයේදී සිදුවන හානිවලදී ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන සමාගම් දැනට රට තුළ නොපවතින අතර එවැනි සමාගම් පිහිටුවීමට නීතිමය බාධාවන්ද පවතින බව ඇමැතිවරයා සඳහන් කළේ.
“අවාසනාවකට වගේ නිව් ඩයමන්ඩ් නැවේ සිදුවීමේදී වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියට සිදුවූ දේම මෙහිදීත් සිදුවෙන්නට හැකියාව තියෙනවා. අපිට ගලවාගැනීමේ වගකීම භාරගන්න බැරි ඇයි කියලා මමත් වගකිවයුතු ආයතනවලින් ඇහුවා. මොකද වන්දි ගෙවීම සිදු කරන්නේ ගලවගැනීම් සිදුකරන (Salvage) ආයතනය විසින්. බ්ලූ ඩයමන්ඩ් නැවේ සිදුවීමේදී සිංගප්පුරු ආයතනයක් ඒ වගකීම ගත්තා. ඔවුන් තමයි ඒ ඒ ආයතනවලට වන්දි ගෙව්වේ. ඒ වෙලාවේ ගණනය කරපු මිලියන හාරසිය ගණන පමණයි අපට ලැබුණේ. නැව ගලවා ගැනීමෙන් අපට ආදායමක් ලබාගන්න බැරි වුණා.
මම වරාය අධිකාරියෙන් සහ වගකිවයුතු ආයතනවලින් මේ ගැන ඇහුවා. වරාය අධිකාරිය ඊට පියවර ගෙන නැත්තේ ඊට අදාළ තාක්ෂණ දැනුම අපට නැති නිසා. එහෙම කරන්න නම් ඒ සඳහා විශේෂඥ හැකියාව ඇති සමාගම් අපට තිබිය යුතුයි. නමුත් අන්තර්ජාතික සමාගමක් සමග එකාබද්ධව එවැනි සමාගමක් පිහිටුවීමට පවා අපේ නාවික නීතියේ බාධා පවතිනවා.” රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
( උපුටා ගැනීම ; අරුණ පුවත්පත)