විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය සඳහන් කළේ ඒ අනුව විවාහ සාමාන්‍ය ලියාපදිංචි කිරීමේ පනත යටතේ කිසියම් විවාහයක් රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් කාර්යාලයකදී විවාහ දැන්වීමක් ඇතුළත් කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 100 ක මුදල 120 දක්වා ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයේදී විවාහයක් ලියාපදිංචි කරන්නේ නම් රුපියල් 750 ක්ව පැවති ගාස්තුව 900 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීමේදී පැවති රුපියල් 100 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා ඉහළ දමා ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය සඳහන් කළේ.
උඩරට විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුද ඉහළ දමා ඇති අතර, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ වන ගාස්තුද සංශෝධනය කර තිබෙනවා.
(උපුටා ගැනීම :හිරු වෙබ් අඩවියෙන්)