පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ කොටසක් මුහුදේ ගිලෙයි (PHOTOS)

June 2, 2021 at 9:55 AM

අනතුරට පත් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එම නෞකාව මේ වන විට ගිලෙමින් පවතීන බව සමුද්‍රීය පරීක්ෂණ අධිකාරිය පවසනවා. මේ හේතුවෙන් හදිස්සි තෙල් විසිරීමක් සිදුවීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් එහි බලපෑම දික්ඕවිට ප්‍රදේශයේ සිට මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශ දක්වා විහිදෙනු ඇතැයි අනුමාන කෙරෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ අතර අද පෙරවරු 9.00 සිට අනතුරට පත්වූ නෞකාව දියඹ මුහුදු ප්‍රදේශයට ඇදගෙන යාමට නෞකාවේ ගලවා ගැනීමේ කටයුතු භාර සමාගම විසින් කටයුතු ආරම්භ කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දීක ද සිල්වා පැවසුවේ.

කෙසේ වුවත් නෞකාවේ පසුපස කොටසට මුහුදු ජලය වේගයෙන් පිරෙමින් පවතින බවත් එම කොටස මුහුදේ ගිලෙමින් පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

Image

Image

Image