අද (02) දිනය තුළ වාහන පරීක්ෂාවේ දි විශේෂිත ස්ටිකරයක් ඇලවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. එමඟින් එකම වාහනය අවස්ථා කිහිපයකදී පරීක්ෂා කිරීම නිසා සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීම අරමුණ බව ඔහු පැවසුවේ.
මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,038 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 1000 ඉක්මවු දෙවන දිනය මෙය වනවා.
එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස අතර වැඩිම පිරිස මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ පුද්ගලයින් 156 දෙනෙක් වන අතර කුලියාපිටියෙන් 130ක් හා මාතර ප්‍රදේශයෙන් 79ක් අත්අඩංගුවට පත් පිරිස අතර සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 20,140ක් වන බවයි.
ඊයේ දිනයේ සිදුකල ඩ්‍රෝන මෙහෙයුම්වලින් ද පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.