අඩු බර ගෑස් සිලින්ඩර් වෙළෙඳපලෙන් හමුවෙයි (PHOTOS)

June 1, 2021 at 10:01 PM

කොළඹ ප්‍රදේශයේ දී සිදුකළ පරීක්ෂණයක දී ලිට්රෝ වර්ගයේ ගෑස් සිලින්ඩර්වල නියමිත බර ප්‍රමාණයට වඩා අඩුවෙන් ඇති බවට අනාවරණය වූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

අද දිනයේදී පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ 6 ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවකදී, 12.5kg ප්‍රමාණයේ Litro Gas සිලින්ඩර 10කට ආසන්න ප්‍රමාණයක් කිරා බැලූ අතර ඒවා සියල්ලෙහිම බර නියමිත බරට වඩා අඩු බව අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂාව සඳහා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහයෝගය ද ලබා ගෙන ඇත අදාල පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

කොරෝනා වසංගත තත්වය නිසා දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති බැවින් වෙළෙඳාම් කටයුතු සිදු වන්නේ ජංගම වෙළෙඳ රථ මගින් සහ අවසර ලබා දී ඇති වෙළෙඳසැල් මගින් ය. එම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිරන්තරයෙන් වෙළෙඳපොල විමර්ශනයන් සිදු කරනු ලබන බවයි පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ.

No photo description available.

No photo description available.

May be an image of indoor

No photo description available.

No photo description available.