බන්ධනාගාර ගත කර සිටින මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මොරටුව ප්‍රදේශයේ දී පැවති එන්නත්කරණ වැඩසටහනකදී රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරීමේ චෝදනාවට ගල්කිස්ස පොලිසිය විසින් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක කාලයක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා.
මෝසමක් ඉදිරිපත් කරමින් මොරටුව නගරාධිපතිවරයාගේ නීතිඥයින් එම ඇප ඉල්ලීම කර තිබුණා.