මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් (Olympus) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුනට අවවාද කළත් දිගින් දිගටම ඔවුන් ඉදි කිරීම ප්‍රමාද කිරීම නිසා කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ තීරණය ගත් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
මාර්ග ඉදිකිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දී තිබියදීත් ඔවුන්ගේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට මෙම අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.