චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත දෙවැනි කොවිඩ් මර්දන එන්නත එය වනවා. සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ චීනයේ නිෂ්පාදිත පළමු කොවිඩ් මර්දන එන්නතයි.