එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රනිල් වික්‍රමසිංහ පිලිබඳව ගත් තීරණය

May 31, 2021 at 5:42 PM

එක්සත් ජාතික පක්ෂ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම යෝජනා කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටියේ.