ගිනි ගත් නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අරඹයි

May 31, 2021 at 11:24 AM

ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයාගෙන් හා ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන් නිරෝධායනයට ලක්කර සිටින හෝටලයේ දී අදාළ ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.