නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඒ අනුව ඔක්තෝබර් 30 වැනි දා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 18,055 ක් වනවා.
මේ අතර ඊයේ (30) දිනයේ දී බස්නාහිර පළාතේ කළ මෙහෙයුමකින් ත්‍රීරෝද රථ 4,197 ක් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර නිරෝධායන නීතින් උල්ලංඝණය කරමින් ත්‍රීරෝද රථ 06ක ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බස්නාහිරින් ඇතුළු වන හා පිටවන ස්ථාන 14කදී පුද්ගලයින් 4,463ක් හා ඔවුන් පැමිණි වාහන 2,296 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් එයින් පුද්ගලයින් 84 දෙනෙක් තමන්ගේ ස්ථාන වෙත පිටත් කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.