හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වී තිබෙනවා. මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම උන්වහන්සේ අපවත් වු බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
මියයන විට උන්වහන්සේ 69 වන වියේ පසු විය.
බද්දේගම සමිත ස්වාමින් වහන්සේ මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩමකර තිබේ.
පසුව යළි ස්වසන අපහසුතා හේතුවෙන් උන්වහන්සේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද අලුයම අපවත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.