ජනතා සේවය වෙනුවෙන් නව වාහනයක් අවශ්‍යයි – නවක මන්ත්‍රීවරයෙක් කියයි (VIDEO)

May 30, 2021 at 11:16 PM

ජනතාවට සේවය කිරීම සඳහා නව වාහනයක අවශ්‍යතාවක් පවතින බව මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසනවා.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර සිටියා.

දිනකට කිලෝමීටර් 250 ක පමණ දුරක් ජනතා සේවය වෙනුවෙන් ගමන් කිරීමට සිදුව ඇති බවත් ඒ සඳහා නව වාහනයක අවශ්‍යතාවයක් පවතින බවයි ,මන්ත්‍රීවරයා කියා සිටියේ.