එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, මෙරට වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අභියෝගයයි. මේවනවිටත් ශ්‍රී ලංකාව ලෝකයේ නම් දරා ඇත්තේ සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසයි. ඉකුත් වසරේ ප්‍රකාශිත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික් එක් කරන රටවල් අතර සිටියේ 05 වන ස්ථානයේයි.
ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම් පද්මලාල් කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව තිබී ඇති බවයි. මෙය ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බව ඔහුගේ අදහසයි.
කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් පානදුර සිට කළුතර දක්වා වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගොඩගසා තිබෙනවා. ඒ අතර මියගිය මසුන් ද දක්නට ලැබුණ බවයි වාර්තා වන්නේ.
මොරටුව එගොඩ උයන වෙරළට මියගිය කැස්බෑවෙකු ද ගොඩගසා තිබු අතර එලෙස ගොඩගසා තිබූ මියගිය මසුන් අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කළ අතර එහිදී එම මසුන්ගේ කුස තුළ නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් කැබලි තැන්පත්ව තිබූ ආකාරය දක්නට ලැබුණා..