ක්ලේමෝ බෝම්බයක් සමග හිටපු LTTE සමාජිකයෙක් අත්අඩංගුවට

May 29, 2021 at 8:21 PM

යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේ මාළු තොටුපලක් ආසන්නයේ පොළව යට වලළා තිබු ක්ලේමෝ බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (28) දින යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර හිටපු එල්ටීටීඊ මුහුදු කොටි සාමාජියෙකු බවට සැකකෙරෙන අදාල සැකකරු සමග කිලෝග්‍රෑම් 2 ක් බරැති ක්ලේමෝ බෝම්බයක්, ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා යොදාගන්නා පතොරම් 14ක්, පිස්තෝල සඳහා භාවිත කරන පතොරම් 45ක්, 12.7 වර්ගයේ පතොරම් 01 ක් සහ ඩෙටනේටර් නූල් මීටර් 02ක් සොයා ගෙන ඇත.

පුපුරණ ද්‍රව්‍ය සමග අදාල සැකකරු ඉදිරි පරීක්ෂණ සඳහා යාපනය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී ඇති බව යුද හමුදාව පවසයි.