ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කොරෝනා වෛරසයේ 03 වන රැල්ලේ ව්‍යාප්තිය සමග ඊට ගොදුරු වූ පස් වන මන්ත්‍රීවරයා මොහු වනවා.
මිට පෙර පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මරුදපාන්ඩි රාමේෂ්වරන්, සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, සජිත් ප්‍රේමදාස සහ නලීන් බණ්ඩාර හට වෛරසය ආසාදනය වුවා.