චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙසක් සැමරුමට එක්වූ “ලංකා කුමරිය” (PHOTOS)

May 28, 2021 at 12:13 PM

කෝට්ටේ රාජධානියේ 06 වන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන ලංකා කුමරිය හෙවත් ෂු ෂි යින් කුමරිය පසුගිය 26 වෙනිදා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට සහභාගි වුවා.

මේ සම්බන්ධයෙන් චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ෆේස්බුක් පිටුව ඔස්සේ තබා තිබු සටහනයි මේ….

” 2021 මැයි 26 වන දින තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය” ෂු ෂී යින් සහභාගී විය.

වෙසක් සැමරුම් උත්සවයට සහභාගීවීමට පෙර ඇය තානාපති ආචාර්ය පාලිත කොහොන හමුවී සිය පෙළපත් සටහන ඔහුට පැහැදිලි කර තිබෙනවා.
ඇය කෝට්ටේ රාජධානියේ හයවන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන 19 වන පරම්පරාවට අයත් වේ.

මෙම හමුවේදී ඇය තම ලංකා රාජකීය මුතුන්මිත්තන්ගේ භූමදාන භූමියේ ඡායාරූප ද පෙන්වීය.

චීනයේ ප්‍රසිද්ධියට පත් ෂු කුමරිය, දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
2009 දී ෂු ෂී යින් කුමරියගේ මඟ පෙන්වීම යටතේ, කුමරිය උපන් නගරය වන චුඈන්ජෝවු නගරය කොළඹ නගරය සමඟ සහෝදර නගර සම්බන්ධතාවයකට එළඹුණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ චුඈන්ජෝවු හි ලීචෙන්ග් දිස්ත්‍රික්කය ද 2017 දී සහෝදර නගර බවට පත්විය.

තානාපති ආචාර්ය පාලිත කොහොන කුමරිය සාදරයෙන් පිළිගනිමින් පවසා සිටියේ, සහස්‍ර ගණනාවක් පුරා පැවත එන ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සමීප පුද්ගල සබඳතා සඳහා ඇය ජීවමාන ආදර්ශයක් බවයි.

දෙරට අතර පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියාශීලීව කටයුතු කරනමෙන් ආචාර්ය කොහොන කුමරියගෙන් ඉල්ලා සිටියා.”

May be an image of 6 people, people standing and indoor

May be an image of 2 people, people standing and indoor

May be an image of outdoors

May be an image of outdoors