අනවසරයෙන් පැවති විවාහ මංගල උත්සවය (VIDEO)

May 28, 2021 at 8:11 PM

පනවා ඇති සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී විවාහ මංගල උත්සවයක් සංවිධානය කර තිබුණා.

හෝටලයක විවාහ උත්සවයක් පවත්වමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත නවගමුව පොලීසියේ නිලධාරීන් අද එම ස්ථානයට ගිය අතර එම අවස්ථාව වන විටත් පෝරුවේ චාරිත්‍ර ඉටු කරමින් තිබුණා.

එම චාරිත්‍ර අවසන් වනතෙක් ඊට බාධා නොකර එහි රැඳී සිටි පොලිස් නිලධාරීන් අනතුරුව විවාහ උත්සවයට සහභාගි වී සිටි 50කට අධික පිරිස එම ස්ථානයේම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර නොමැති වුවද විවාහ ලියාපදිංචි කිරීමට බාධාවක් නොමැති බවයි.

( මිනිත්තු 2.59 සිට නරඹන්න)