මහජනතාව අපහසුතාවයට ලක්වන ලෙස පරික්ෂා කිරීම් : පොලිස්පතිගෙන් පොලිසියට විශේෂ ලිපියක්

May 28, 2021 at 9:17 PM

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී පොලිස් නිලධාරින් විසින් වාහන සහ පුද්ගලයින් පරික්ෂාවේදී හා නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඇතැම් පොලිස් නිලධාරින් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට පරිභව කිරීම් සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ වරින්වර ප්‍රචාරය වන බවත්, එමගින් පරිභවයට ලක්වන පුද්ගලයින්ගේ ආත්මගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක්වන බවයි පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයන් හා වාහන පරික්ෂා කිරීමේදී එවැනි ක්‍රියා අත්හිටුවන ලෙසත් ඉදිරියේදී එවැනි ක්‍රියා වාර්තා වුවහොත් අදාළ නිලධාරීන්ට සහ ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

No photo description available.

No photo description available.