නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 829ක් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මේ දක්වා දිනකදී නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වැඩිම සංඛ්‍යාව මෙය වනවා.
එහිදී කිසිදු හේතුවක් නොමැතිව ගමන් කළ රථ 39ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ ප්‍රදේශයෙන් 180ක්, නිකවැරටිය 79ක් සහ කොළඹින් 72ක් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.
බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 14ක පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මකය.
ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 15,595 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.