එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
මෙම දීමනාව රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබාදෙන බවයි කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ.
“දෛනිකව ජීවත්වීමට ඉපයීම් කරපු සියලුම දෙනාට, වෙනත් අදායම් නැති අයට, රජයේ සේවකයන් නොවන අයට රුපියල් 5000ක දීමනාවක් දීගෙන යනවා. ජල බිල්පතේ සහනයක් නෑ. සහනය තමයි ප්‍රමාද වී ගෙවන්න. හැමෝටම නෙමෙයි. කොවිඩ් ආසාදිතයෙක් නම් හෝ නිරෝධායනය වෙනවා නම් පමණයි.” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.