ඒක කැත දර්ශණයක් : මොරටුව නගරාධිපතිගේ හැසිරිම ජනපති හෙළා දකියි (VIDEO)

May 28, 2021 at 4:50 PM

මොරටුව ප්‍රදේශයේ දී ඊයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වා සිටියා.

” එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන දත්ත පදනම් කරගෙන. ඒක සිදුකරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුවයි. එහෙම කරලත් ඊයේ අර කැත දර්ශණයක්. එකෙන් මුළු මේකම විනාශ වෙලා ගියා. ඒ වගේ දේවල් විනාශ වෙලා ගියා” ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.