ගින්නෙන් විනාශයට පත්වෙමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගොඩ ගසා තිබූ භාණ්ඩ එකතු කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව මුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ කොච්චිකඩේ යන වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මෙම මෙහෙයුම් සිදුකර තිබේ. වෙරළට ගොඩ ගැසූ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ද පොලීසිය භාරගෙන ඇත.