කොරෝනා අස්සේ හිස ඔසවන ඩෙංගු : දින 25ක් තුල රෝගීන් 708ක්

May 27, 2021 at 9:19 AM

ගෙවුණු දින 25ට ඩෙංගු රෝගීන් 708 දෙනකු හමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළත බස්නාහිර, දකුණ ,මධ්‍යම, සබරගමුව පළාත්වල ඩෙංගු රෝගය හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය නිවේදනය කර සිටිනවා.

මෙම වසරේ මේ දක්වා රෝගීන් 7616 දෙනකු සොයා ගත් බවත් පුද්ගල මරණ 04ක් වාර්තා වූ බවත් හෙතෙම පැවසීය. ගෙවුණු දින 25ට කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 220ක්ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 212ක් ද හමු වී ඇත.

පවතින වැසි සමග ඉදිරි මාස දෙක ඇතුළත දී රට පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවත් වැහි පිහිලි සිමෙන්ති ජල ටැංකි ඇතුළු මදුරුවන් බෝවන ස්ථාන පිරිසුදු කර ගැනීමට ජනතාව උනන්දු විය යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් ගෙවුණුව සරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කරන බවත්, සෑම වසරකම ජුනි ,ජූලි මාසවලදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ඉහළ අවදානමක් ඇති බවද පවසයි. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මහනුවර, රත්නපුර හා කෑගල්ල දැඩි අවදානම් දිස්ත්‍රික්ක ලෙසද හඳුනාගෙන ඇත.