ඔවුන් කැපවී කටයුතු කරනවා – විදූලි බිඳවැටීම ගැන ඇමති තැබූ සටහන (PHOTOS)

May 27, 2021 at 10:10 PM

ඊයේ දිනයේදී දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක නිවාසවලට විදුලිය බිඳ වැටීම් සිදුව තිබෙනවා.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අහලප්පෙරුම විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තබා තිබු සටහනයි මේ…

” පවතින අයහපත් කාලගුණික තත්වය නිසා දිවයින පූරා බහූල වශයෙන් විදූලිය බිඳවැටීම් සිදූවෙමින් පවතින අතර අපගේ ඇමතුම් මධ්‍යස්ථාන වලට පැයකට දූරකතන ඇමතුම් 5,000 ක් පමණ ලැබෙමින් පවතී. එලෙස ලැබෙන ඇමතුම් වලට පිළිතුරු ලබාදීමේ ප්‍රායෝගික දූෂ්කරතාවයකට ද මේ වන විට අප මූහූණ දෙමින් සිටින්නෙමූ.

ලංකා විදූලිබල මණ්ඩලයේ අළුත්වැඩියා කණ්ඩායම් පාරිභෝගික මධ්‍යස්ථාන 230 කට අනූයූක්ත කර පැය 24 පූරා අදාළ සේවයෙහි සක්‍රීය ලෙස යොදවා ඇත.

මෙම හේතුවෙන් ආදරණීය පාරිභෝගික ඔබට මූහූණ දීමට සිදූවී තිබෙන දැඩි දූෂ්කරතා සහ නොවැළැක්විය හැකි ප්‍රමාද දෝෂ පිළිබඳව විදූලිබල අමාත්‍යවරයා ලෙසට පෞද්ගලිකවම මාගේ හෘදයාංගම කණගාටූව ඔබට මේ මොහොතේ ප්‍රකාශ කර සිටිමි.

මේ අනපේක්ෂිත තත්වයෙන් මිදී නැවතත් ඔබ විදූලි සබඳතාව යථා තත්ත්වයට පත්කර ගන්නා තුරු, සේවාලාභියා මෙන්ම සේවාදායකයා ලෙසට ඔබත් අපත් මේ මූහූණ දී තිබෙන දූෂ්කරතා පිළිබඳව සංවේදීව, අප සමග සහයෝගයෙන් කළමණාකරණය කර ගන්නා මෙන් ඉතාමත් කරුණාවෙන් ආයාචනා කර සිටිමි.

ඒ වෙනූවෙන් ලංවිම සහ ලෙකෝ ආයතන වල සේවක සහෝදරත්වය ඔවූන්ට කල හැකි උපරිමයෙන්, සියළුම බාදක, අභියෝග මැඳ වූව ද, අසීමිත කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් නොනවත්වා ඔබගේ සේවයට කැපවී සිටින බවට ඔවූන්ගේ නියමූවා ලෙසට මා හට ශපථ කල හැකි අතරම, ඔවූන් ස්වාර්ථය නොතකමින් සිදූකරන මානූෂීය ව්‍යායාමයේ බැරෑරුම් කමට සාක්ෂි කිහිපයක් ආදරණීය ඔබගේ සංවේදීත්වය පිණිස මෙලෙස පළ කිරීමට සිතුවෙමි.