මුහුදට වැටුණු බහාලුම් 03ක රසායනික ද්‍රව්‍ය : කළුතර සිට මීගමුව දක්වා වෙරළබඩ ජනතාවට සහ ධිවර ප්‍රජාවට විශේෂ දැනුම් දීමක්

May 25, 2021 at 12:17 PM

දැනට ලැබී ඇති තොරතුරු අනුව කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ අද උදෑසන සිදු වූ පිපිරීමත් සමඟ යම් බහාලුම් ( containers ) ප්‍රමාණයක් මුහුදට වැටී ඇත.

එම බහාලුම් අතර තිබූ බහාලුම් තුනක epoxy resin නම් රසායනික ද්‍රව්‍යය අඩංගු වන බව දැනුම් දී ඇත. එම රසායනික ද්‍රව්‍ය මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.

ඒ හේතුවෙන් යම් හෙයකින් පාවෙමින් තිබෙන බහාලුමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සුළු පන්න ධීවර කාර්මිකයින්ට සහ වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්ව සිටින සියලුම ධීවර ජනතාවට දැනුම් දී සිටියි.

තවද එවැනි බහාලුමක් දුටුවහොත් ළඟම තිබෙන පොලිසිය හෝ අප ධීවර කාර්යාලය දැනුවත් කරන ලෙස ඔවුන් හට දැනුම් දී ඇත.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයක්