ඉතිහාසයේ ප්‍රථම වතාවට සූළං බල විදූලි උත්පාදනය, ඉන්ධන දහන විදූලි උත්පාදනය අභිබවා යයි

May 24, 2021 at 6:55 PM

ඉතිහාසයේ ප්‍රථම වතාවට සූළං බල විදූලි උත්පාදනය, ඉන්ධන දහන විදූලි උත්පාදනය අභිබවා ගිය බවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා තබා තිබු සටහනයි මේ..

පසූගිය දිනවල සිදූවූනූ අරාබි මූහූදේ කැළඹීම හේතුවෙන් ඇතිවූ දැඩි සූළං සහිත කාලගුණික තත්වයත් සමගින් අප තම්බපවනි සූළං විදූලි බලාගාරය උපරිම ධාරිතාවයෙන් විදූලිය උත්පාදනය කලා. එහි ප්‍රතිථලයක් ලෙස මැයි 14 වන සිකුරාදා අප රටේ විදූලිබල පද්ධතියට එක්වූ තාප (ඩීසල් දහනය) විදූලි උත්පාදන ධාරිතාව ඉක්මවා යන්නට සූපිරිසිදූ සූළං බල විදූලි ධාරිතාව සමත් වූනා.

ඒ විතරක් නොවෙයි, පූනර්ජනනීය සූළං විදූලිබලය, එදින රටේ විදූලිබල අවශ්‍යතාවයෙන් 10% ක් ඉක්මවා උත්පාදනය කරමින්, ඩීසල් දහනයෙන් විදූලිය ජනනය සීමා කරමින්, විදූලිබල මණ්ඩලයට ඉතිරි කල දූන් මූදල රුපියල් මිලියන 70 කට අධික වූනා.

අප තම්බපවනි සූළං බල උද්‍යානයේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම පිණිස, රජයේ ප්‍රමූඛත්වයෙන් විදූලිබල මණ්ඩලයේ ද, පෞද්ගලික අංශයේ ද සහයෝගීතාවයෙන් තම්බපවනි විදූලිබල උත්පාදන ධාරිතාව මෙගාවොට් 200 දක්වා වැඩිකිරීමට නියමිත ශාක්‍යතා අධ්‍යනයේ අවසන් අදියරෙයි අප මේ වන විට සිටින්නේ.

ඉදිරි දෙවසර තුල එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට අප අපේක්ෂා කරනවා.

පූනර්ජනනීය අනාගතයක් ගැන සිහින දකින්නෙක් ලෙසට එම සිදූවීම පෞද්ගලිකව මාගේ ආඩම්බරයටත්, සතුටටත් හේතුවූනා.

ඒ වගේම එය ශ්‍රී ලාංකික පූරවැසියන් සියළු දෙනාගේම අමන්දානන්දයට හේතුවක් බවටත් මට සහතිකයි. එම ඓතිහාසික දිනය මාගේ උපන්දිනයත් සමග සමපාත වීම පෞද්ගලිකව මාගේ ආත්මීය තෘප්තිය වැඩි කරන්නක් වූනා.

එදා සිට අද දක්වාම ඉන්ධන දහනය අභිබවමින් ජාතික පද්ධතියට පූනර්ජනනීය බලශක්තිය දායක කරමින් තම්බපවනි ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනූවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මා සහෝදර අමාත්‍ය දූමින්ද දිසානායක ඇතුළු දේශපාලන නායකත්වයටත්, සභාපති විජිත හේරත් ඇතුළු විදූලිබල මණ්ඩලයටත්, විශේෂයෙන් අද ජීවතුන් අතර නැතිමූත් මෙම ව්‍යාපෘතියට නායකත්වය දූන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු විදානපතිරණ ඇතුළු එයට කැපවූනූ සියළුම දෙනාටත්, ජාතියක් ලෙසට අපි කෘතවේදී වෙමූ.