අද දිනයේ ප්‍රදේශ රැසකට මිලි මිටර් 100 ඉක්මවා වැසි

May 24, 2021 at 11:17 AM

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු යන පළාත්වලට අද(24) දිනයේ මිලිමීටර් සියයට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එමෙන්ම දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් ද බලාපොරොත්තු වන බව පෙන්වා දෙයි.

හෙට (25) සහ අනිද්දා (26) යන දෙදින තුළ එම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවු ඉතා තද වැසි අපේක්ෂා කෙරේ.

වයඹ පළාතට ද තරමක තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ