පෞද්ගලික රෝහල්වල සිදුකරනු ලබන Walk in or drive through ඇන්ටිජන් හා PCR පරීක්ෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් සහ එම රෝහල්වල කොවිඩ් පරීක්ෂණ සිදුකර යුතු අයුරු දක්වමින් නව සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුව PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකරන පෞද්ගලික අංශයේ රසායනාගාරවල හා රෝහල්වලට ලබාදී ඇති අවසරය අවලංගු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත පෞද්ගලික අංශයේ රසායනාගාරවල හා රෝහල්වල එම පරීක්ෂණ සිදුකළ යුත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරී හෝ කාර්ය භාර්යය වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශයන්ට අනුව පමණක් බවයි.
සාම්පල ලබාගැනීමෙන් පසු අදාළ ආයතනය විසින් වාර්තාව නිකුත් කරන තෙක් රෝගීන් නිවෙස් තුළ හුදකලා කිරීමට උපදෙස් ලබාදිය යුතුයි. ඒ පිළිබද අදාළ රසායනාගාර හෝ රෝහල් බලධාරීන් විසින් දැඩි අධීක්ෂණයකට ලක් කිරීමට වගබලා ගත යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.