තමන්ට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා කියා සිටින්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඊයේ දිනයේදී සිය බිරිඳ රෝහල් ගත කොට සිදුකළ PCR පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතව ඇති බවට හඳුනා ගත් බවයි.
පසුව තමාට සිදුකළ PCR පරීක්ෂණයෙන් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
විපක්ෂ නායකවරයා පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිව සිට ඇති අතර ඔහු විසින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමද ප්‍රතික්ෂේප කර තිබුණා.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ආගිය ස්ථාන සහ ඔහුගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද කියා CCTV පරික්ෂා කරමින් සොයා බලන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ.