සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිනියක් වන ලෝචනා ජයකොඩි පසුගියදා ලහිරු මුදලිගේ සමග සිදුකළ සම්මුඛ සාකච්ජාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් විසින් පැසසුමට ලක් කරමින් ලිපියක් යොමු කර තිබෙනවා.
සාමාන්‍ය පවුලකින් පැවත එන සාමාන්‍ය තරුණියක් ලෙස සමාජයේ ජිවත් වන මිනිසුන්ගේ ගැටළු සම්බන්ධයෙන් කතා කිරිම සහ ඉදිරියේදීත් රටේ පවතින ගැටළු සම්බන්ධයෙන් පෙන්වා දීමට කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරනු ඇති බවයි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර තිබෙන්නේ.