මහා මාර්ග අනතුරු සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දිය හැකි දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට ශ්රී ලංකා පොලිසිය පියවර ගෙන තිබෙනවා. ‘eTraffi’ නමින් හඳුන්වන මෙම යෙදුම හරහා රටේ සිදුවන රථ වාහන වැරදි සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමට හැකිවේ.
මේ වන විට මෙම යෙදවුම ඇන්ඩ්රෝයිඩ් පහසුකම් ඇති ජංගම දුරකථන සඳහා භාගත කර ගත හැකිය.
පුද්ගලයින්ට මෙම යෙදවුම හරහා ලියාපදිංචි වී තමන්ට මුහුණ දීමට සිදුවන රිය අනතුරු හෝ මාර්ග නීති උල්ලංඝණය කිරීමේ තොරතුරු පොලිසියට ලබාදීමේ හැකියාව ඇත.
මෙම යෙදවුම හරහා ජායාරූප, වීඩියෝ සෘජුවම පොලිසිය වෙත ලබාදීමට හැකියාව ඇත.
එම යෙදවුම භාගත කිරිමට පහතින් හැකිය :
https://play.google.com/store/apps/details?id=com.esol.etrafficpolice