මැයි මස 25 වන දිනයෙන් පසුව ඊළඟ සතිඅන්නතයේ දීත් නැවත සංචරණ සීමා පනවන්නේ දැයි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඊයේ රාත්‍රියේ සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන අයුරින් සංචාරණ සීමා පැනවූ අතර එය ලබන 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ලබනවා. නැවතත් 25 වනදා රාත්‍රී 11 සිට 28 වනදා අලුයම 4.00 දක්වා සංචරණ නීති ක්‍රියාත්ම කිරීමට මේ වන විට තීරණය කර ඇත්තේ.
කෙසේ වුවත් පවතින තත්ත්වය මත ලබන 28 වෙනිදායින් පසුව සංචරණ සීමා පනවන්නේද යන්න සම්බ්න්ධයෙන් වන තීරණය එළඹෙන 25 වෙනිදා තීරණය කරනු ලබන බවයි හමුදාපතිවරයා කියා සිටියේ.
මෙහිදී අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා.
“28 වන දා උදෑසන දක්වා දැනට තිබෙන ක්‍රමවේදය අනුව සංචරණ සීමා පනවා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා 25, 26 හෝ 27 දිනවල දී සාකච්ඡාවක් පවත්වලා අපට අවශ්‍ය වුනොත් තත්ත්වය සලකා බලා තව දුරටත්සංචරණ සීමා දීර්ඝ කරනවා ද කියන එක තීරණය කළ හැකියි කියලා. එහිදී කවුරුත් එපා කිව්ව කතාවක් නෑ. ජනාධිපතිවරයා ඊයෙත් ඒක කිව්වා අපිට 25, 26 හෝ 27 වෙද්දි ඊළඟ සති අන්තයත් මේ වගේ සංචරණ සීමා පනවනවා ද එතනිනුත් එහාට තවදුරටත් දින කිහිපයක් වැඩි කරන්න අවශ්‍ය නම් ඒකත් අපි සලකා බලන්න පුළුවන් කියන කාරණය.“