නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව සිටි හය දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.
නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත 3 වාට්ටුවේ නේවාසිකව සිටි කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ පැනගොස් ඇතැයි වාර්තා වන්නේ.
රෝහලේ බැම්මට ඉහළින් සවිකර තිබූ දැළද ඉවත් කර ඔවුන් මෙලෙස පලාගොස් ඇත.
පැනගොස් ඇති එක් කාන්තාවකගේ අනන්‍යතාව හඳුනා ගෙන ඇති අතර රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහලේ සිටින බැවින් පැන ගිය පිරිස කවුරුන් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් රෝහල් ප්‍රකාශයකයෙකු සඳහන් කර සිටින්නේ.
නාගොඩ රෝහල් පොලිසිය සහ බුද්ධි අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.