තමා ජනතාව ට දුන් පොරොන්දුවක් අනුව ඉදිකළ වකුගඩු රෝහලක් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් සඳහා යොදාගැනීම ගැන හිටපු ජනාධිපතිවරයා ෆේස්බුක් සටහනක් තබා ඇත.
උපුටා ගැනීම:
“2015 ජනාධිපතිවරණයේදී පලමු වතාවට නැවුම් දර්ශයක් ලබා දෙමින් මා විසින් පෝස්ටර්, බැනර් ,කටවුට් සදහා මුදල් වියදම් නොකර මා හට ඒ වෙනුවෙන් ලබා දෙන සියලු මුදල් යොදාගනිමින් වකුගඩු රෝග අරමුදල පිහිටුවන ලදී.
ඒ යටතේ එක්රැස් කළ අරමුදලෙන් මහනුවර සහ අනුරාධපුරයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් කිසිදු රජයේ මුදලක් ආයෝජනය නොකොට ඉදිකරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන අද කොරොනා රෝගයෙන් අසරණ තත්වයට පත් ජනතාව වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්වී තිබීම මාගේ හදවතට සතුටක් ගෙනදෙන කාරණයකි.
අනුරාධපුර නගරයේ කිසිදු රජයේ අරමුදලකින් තොරව රුපියල් මිලියන 437 වැයකොටු මා විසින් ඉදිකරන ලද අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් වෙනුවෙන් අද විශාලතම දැඩිසත්කාර ඒකකය බවට පරිවර්තනය කර ඇත. අසරණ ජනතාව වෙනුවෙන් ඕනෑම මොහොතක මෙවැනි දේ ප්‍රයෝජනයට ගැනීම කාලෝචිත ක්‍රියාවක් ලෙස මා විශ්වාස කරයි.
එදා මැතිවරණයේදී පෝස්ටර්, කටවුට්, බැනර් සඳහා මා වෙත මුදල් පරිත්‍යාග කළ සියලු දෙනාටම මෙම උතුම් කාර්යය කොටස්කරුවෝ වන්නේය. එම සියලු දෙනාටම මෙම ගෞරවය හිමිවිය යුතුය.”