සියලුම කොවිඩ් ප්‍රභේදයන්ට එරෙහිව කොවිඩ් එන්නත් එලදායි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

May 20, 2021 at 3:48 PM

ඉන්දියාවේ වර්තමාන කොවිඩ් රැල්ලට ප්‍රධාන හේතුවක් වී තිබෙන කොවිඩ් ප්‍රභේදය ඇතුළුව මෙතෙක් හඳුනා ගෙන ඇති සියලුම ප්‍රභේදයන්ට එරෙහිව දැනට නිල වශයෙන් අනුමත කර ඇති සියලු කොවිඩ් -19 මර්ධන එන්නත් එලදායී ලෙස ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂක Dr. Hans Henri P. Kluge ප්‍රකාශකර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පවතින වත්මන් වසංගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සුදුසු මට්ටමක නොමැති බවයි.