කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් ඇතුළු පහසුකම් වැඩකළ හැකි නමුත් ඒ සඳහා අවශ්‍ය මානව සම්පත ක්ෂණිකව වැඩි කළ නොහැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටිනවා.
කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඇඳන් සහ ICU ඇඳන් වැඩි කරන්න පුළුවන්. ඒවා කඩෙන් ගිහිල්ලා අරගෙන හෝ පිටරටින් ගිහිල්ලා අරගන්න පුළුවන්. නමුත් මේ මානව සම්පත ඒ වගේ වැඩි කරන්න බැහැ.
කිසිම රෝග ලක්ෂණයක් නැති ආසාදිතයන් සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් රෝගීන් කියලා. ඔවුන් හරහා පැතිරීමේ අවදානම දැඩිව තිබෙනවා. මේ වසංගතය පාලනය කර ගන්න නම් සති දෙකක්වත් ජනතාව ගෙදරටම කොටුකර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. තමුන්ගේ සංචරණය තමුන්ම සීමා කරගත්තේ නැත්නම් මෙය ව්‍යවසන තත්ත්වයක් දක්වා යන්න වුණත් පුළුවන්. ඉදිර සති දෙක තුන කාලය තුළ කොවිඩ් මරණ ඉහළ යා හැකියි.