ගැබිනි මව්වරුන්ට ඕනෑම කොවිඩ් ප්රහේදයකින් දරුණු රෝග ලක්ෂණ ඇති විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදි සහ අනුක වෛද්‍යවේදි මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කර සිටිනවා.
ඊයේ (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදි ඇය මේ බව ප්‍රකාශ කළා.
මහාචාර්යවරිය සඳහන් කළේ සියලු ගැබිනි කාන්තාවන් මෙම වයිරසය වැලඳීමෙන් ප්‍රවේශම් විය යුතු බවත් නිවෙස්වල සිටින අයද ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්ය. එසේම කුමන වයිරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවද ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම වැදගත් බව ඇය සඳහන් කළේ.
එසේම එන්නතක් ලබාගෙන අවමය සති හයක්වත් ගතවන තෙක් කොවිඩ් වැලඳීමට සහ එන්නත ලබාගත් පුද්ගලයා ආසාදිතයකු නම් වයිරසය අන් අයට බෝවීමට ඉඩ පවතී. සිංගප්පූරුව එයට හොඳම උදාහරණය බව කියා සිටි මහාචාර්යවරිය එම රටේ ගුවන්තොටුපළ සේවකයන් ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද ඔවුන්ගේ නිවෙස්වල අයට වයිරසය ආසාදිත වී ඇති බවට සොයා ගෙන ඇතැයි කියා සිටියේ.
එසේම සෑම විටම සමබල ආහාර වේලක් ගැනීම අනිවාර්ය බවද ඇය පැවසුවා.