කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා. මෙම පනතට අදාළ විවාදය ඊයේ සහ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වුණා.
මෙහිදී පනත් කෙටුම්පතට පක්ෂව ජන්ද 148ක් ද, විපක්ෂව ජන්ද 59ක් ද හිමිවුවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයන් අනුව පනත 03 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී පනතට අදාළ සංශෝධන ඇතුලත් කරන බවයි ආණ්ඩු පක්ෂය සඳහන් කරන්නේ.