තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන ඇත. ආසාදිතයින් හඳුනාගැනීමත් සමග අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 2000ක ගේ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී නව ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
“ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කලමනාකාරීත්වයත් ඒ වගේම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කරලා, අපේ ආණ්ඩුකාරවරයාගේ හා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට දැනුම්දීලා මේ වන විට එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණයක් ගත්තා.“ යැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා.
එම ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් සෙවීම සඳහා ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.