සංචරණ සීමා පනවන කාලයේදී ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ගත් තීරණය

May 19, 2021 at 1:01 PM

රට පුරා සම්පූර්ණ සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මැයි 21 වන දින සිට මැයි 24 වන දින දක්වා ද, නැවත මැයි 26 වන දින සිට මැයි 28 වන දින දක්වා ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බවයි.

මැයි 25 වන දින පෙ.ව 4 වන සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.