ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් හට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට දික්ඔය මුලික රෝහලේදි අද දින සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කර සිටිනවා.
මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයාට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා ඔහු දික්ඔය මුලික රෝහලට අද දින පැමිණ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදු කරගෙන ඇත.
එම පරික්ෂාවේදි මන්ත්‍රීවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනිම සදහා රෝහල් කාමරයක් වෙන් කරවාගෙන දික්ඔය මුලික රෝහලෙන් බැහැරව ගිය බවයි එම වෛද්‍යවරයා කියා සිටියේ.