TNA හිටපු මන්ත්‍රී කොවිඩ් ආසාදිතව මියයයි

May 18, 2021 at 7:59 AM

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංගම් කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.

කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු ඊයේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවුවා.

2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

කොවිඩ් ආසාදිතව මියගිය දෙවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

හිටපු කථානායකවරයෙකු වූ විජමු ලොකුබණ්ඩාර මහතා ද පසුගිය දා කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත විය.