ත්‍රස්තවාදියෝ වුණේ ළමයි හම්බවුනාට පස්සේ : ඒ අයටත් සැමරීමක් තිබිය යුතුයි – ( විශ්‍රාමික) මේජර් ජනරාල් ජගත් ඩයස් (VIDEO)

May 18, 2021 at 9:31 PM

ත්රස්තවාදයට සම්බන්ධ වූවන්ගෙන් සීයයට 95ක් කැමැත්තෙන් එම සංවිධානයට සම්බන්ධ වූවන් නොවූ පුද්ගලයින් බවත් යුද්ධයෙන් මියගිය සිය දරුවන් සැමරීමට ඉඩක් ලබාදිය යුතු බව 57 වන සේනාංකයේ හිටපු අණදෙන නිලධාරි ( විශ්රාමික) මේජර් ජනරාල් ජගත් ඩයස් පවසනවා.

පෞද්ගලික රූපවාහිනි වැඩසටහනක් සමග පැවති සංවාදයකදී ඔහු පැවසුවේ ඇතැම් දේශපාලඥයින් විසින් මෙම සිහිකිරිමේ උත්සව තම පටු අරමුණු ඉටු කර ගැනීමට යොදා ගන්නා බැවින් ඒ සඳහා නිසි යාන්ත්රනයක් සකස් කිරීම වැදගත් බවයි.

” ඔවුන් සටන් කළේ හමුදාවත් සමග. අපිට යුද්ධයේදී බංකර් වලින් හම්බ උනා ඔවුන් ඇවිත් තිබුනේ කැමැත්තෙන් නෙවෙයි කියන්න පුළුවන් සාධක. මේ ළමයි රටේ ළමයින්. ඒ දෙමව්පියන්ට සැමරීමක් තිබිය යුතුයි. ත්රස්තවාදියෝ වුණේ ළමයි හම්බවුනාට පස්සේ” (විශ්රාමික) මේජර් ජනරාල් ජගත් ඩයස් පවසනවා.

VIDEO :

https://fb.watch/5zDulNRaw1/