මැයි 24 සහ 25 දින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කෙරේ

May 18, 2021 at 10:05 AM

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම දින දෙක නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අද නිවේදනය කර සිටිනවා.

කෙසේ වෙතත් මෙම නිවාඩු දින 02ක බැංකු හා වෙළඳ අංශ සඳහා ඇතුළත් නොවන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

කොරෝනා වෛරසය පාලනය වැළැක්වීම සඳහා මැයි 21 සිට 25 දක්වා සහ මැයි 25 සිට 28 දක්වා කාල සීමාවේදී දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සංචරණ සිමා පනවා ඇත.