බැසිල් රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් විශාල වැඩකොටසක් කර ඇති බවත් මේ රටේ දේශපාලනය වෙනුවෙන් 2005 වර්ෂයේදී සහ 2015 වර්ෂයේදී ඉතා වැදගත් කාර්ය භාරයක් සිදුකළ අයෙක් බවත් ඔහු රටේ ජනාධිපති වන්නේ නම් තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්රී සංජිව එදිරිමාන්න ප්රකාශ කර සිටිනවා.
Stand With Lahiru යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග එක්වෙමින් සංජිව එදිරිමාන්න කියා සිටියේ බැසිල් රාජපක්ෂ කිසිදු අවස්ථාවක තමන් උදව් උපකාර කළ පුද්ගලයින් ගැන විවෘතව කතා නොකරනු ලබන අයෙක් බවයි.
කොරෝනා වෛරසය පාලනය හමුවේ ශ්රී ලංකා රජය කිසිසේත්ම අසමත් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්රී සංජිව එදිරිමාන්න සඳහන් කළේ.