අද සිට සංචරණ සීමා පැය 5යි. අංක නීතිය දැඩිවෙයි.

May 17, 2021 at 5:57 AM

දිනතුනක් පුරා ක්‍රියාත්මක වූ දිවයින පුරා සංචරණ සීමා අද අළුයම 4 සිට ඉවත් කෙරිණ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන්නේ පළාත් අතර සංචරණ සීමා සහ රාත්‍රී කාලයේ දිවයින පුරා රාත්‍රී 11-4 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා පමණි.

කෙසේ වෙතත් අද සිට හැඳුනුම්පත් අංක නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

සංචරණ සීමා ඉවත් කළ බැවින් රැකියා කටයුතු සඳහා මෙන්ම වෙළඳාම් කටයුතු සඳහා රාත්‍රී 11වන තුරු අවසර තිබේ.

ඒ වෙනුවෙන් පොදුප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක වනු ඇත.

රාත්‍රී 11න් පසු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් අවසර හිමි ය.

කෙසේ වෙතත් අද අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිටතට යා හැක්කේ

ජාතික හැඳුනුම්පත් අංක 

1,3,5,7,9, දරණ අයට පමණි.

එම නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක  කරන බව පොලීසිය සඳහන් කරයි.